කෑ/විද්‍යානිවාස මහ පිරිවෙන ලාංඡනය

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙන

ඇකිරියගල, දික්කොහුපිටිය, හෙට්ටිමුල්ල

විද්‍යානිවාස මහ පිරිවෙනේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු

ආරම්භය1941

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙන

ත්‍රිවිධ ශාසනය සුරකිමින්, අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි ප්‍රජාවක් බිහි කිරීම

අපේ පිරිවෙන ගැන

🏛️ අපේ පිරිවෙන

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙනේ අධ්‍යාපනික, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු.

පිරිවෙනේ ඉතිහාසය හා විස්තර

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙන 1941 වර්ෂයේ ආරම්භ කරන ලදී.

අපගේ අරමුණ වන්නේ පිරිවෙන් අධ්‍යාපනය, බෞද්ධ සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට සම්බන්ධ කරමින් ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් පවත්වාගෙන යාමයි.

📜 ඉතිහාසය

චෙල්ලප්පා නම් හෙට්ටි මිනිසෙකුට උකස් කර තිබූ දික්කොහුපිටියේ ආවස භූමිය තම ධනයෙන් බේරාගත් කොස්සින්නේ කෝරලයේ මහතා හීල්බත්දේනියේ පියුන් අප්පු හාමී, තිබ්බුටුමුණුව ආරච්චිලාගේ උපාසක රාළ, පල්ලේගම උපාසක රාළ, ළිංදේනියේ උපාසක රාළ, කොස්සින්නේ ඩිංගිරාළ සහ වේකොලදේනියේ විදානේ සමග කරඩුපනට ගොස් ආරාධනා කළහ. එම ආරාධනාවට අනුව වෙලිගමුවේ අත්තදාස්සී හා නාපානේ ශ්‍රී සුමන යන යතිද්‍රයාණන් වහන්සේලා දෙනම ඇතුළු භික්ෂූන් වහන්සේලා සත් නමක් ක්‍රි.ව. 1886 ජූලි 5 වන දින දික්කොහුපිටිය ආවසයට වැඩමකොට වස් විසූහ.

ඉන් අනතුරුව 1910 දී පමණ වැඩමකොට වදාළ කටුගස්තොට ශ්‍රී සුමන තිස්ස මාහිමියන් වහන්සේගේ සම්ප්‍රාප්තියත් සමග දික්කොහුපිටිය ආවසය බෝධි අංගනාරාමය යන නමින් ප්‍රසිද්ධ විය. අනේකවිධ දුෂ්කරතා මැද බෝධි අංගනාරාමය භෞතික වශයෙන් දියුණු කළ උන්වහන්සේ, ශාසනයේ උන්නතිය උදෙසා ප්‍රතිපත්තිදර සිසු පරපුරක් සමාජයට දායාද කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය උඩ කරඬුපනේ සුගුණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම ශිෂ්‍ය පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයාණෝය.

උන්වහන්සේගේ මූලික මැදිහත්වීමෙන් 1941 දී බෝධි අංගනාරාමයට අනුයුක්ත විද්‍යානිවාස පිරිවෙන නමින් භික්ෂු අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කළහ. අද වර්තමානය වන විට කෑ/විද්‍යානිවාස මහ පිරිවෙන තුළින් අධ්‍යාපනය මෙන්ම විනය ශික්ෂණය ලබා දහස් ගණනකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය දරුවන් දේශීය මෙන්ම විදේශීය ධර්ම ප්‍රචාර හා සමාජීය කටයුතුවල නිරත වෙමින් සිටිති.

අපේ දැක්ම

ත්‍රිවිධ ශාසනය සුරකිමින්, අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි ප්‍රජාවක් බිහි කිරීම.

අපේ මෙහෙවර

පිරිවෙන් අධ්‍යාපනය, බෞද්ධ සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට සම්බන්ධ කරමින් ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් පවත්වාගෙන යාම.

📚 අධ්‍යාපනය

පිරිවෙනේ අධ්‍යාපනික වැඩසටහන් හා ශිෂ්‍ය අධ්‍යාපනයට අදාළ තොරතුරු.

🏫

පන්ති

පිරිවෙන් අධ්‍යාපන මට්ටම් හා පන්ති පිළිබඳ තොරතුරු.

📖

විෂයයන්

පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, ගණිතය, ත්‍රිපිටක ධර්මය සහ අනෙකුත් විෂයයන්.

🕐

කාලසටහන

පිරිවෙනේ දෛනික හා සතිපතා අධ්‍යාපන කාලසටහන්.

📝

විභාග

පිරිවෙන් විභාග හා ඇගයීම් පිළිබඳ තොරතුරු.

💻

අධ්‍යාපන සම්පත්

ඩිජිටල් අධ්‍යාපන සම්පත්, පාඩම් හා ඉගෙනුම් ද්‍රව්‍ය.

🏛️

කෘත්‍යාධිකාරී හිමි

පිරිවෙනේ අධ්‍යක්ෂක හිමි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය ඇකිරියගල නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
පිරිවෙනේ කෘත්‍යාධිකාරී හා අධ්‍යක්ෂක

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය ඇකිරියගල නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ

කෘත්‍යාධිකාරී හිමි
පිරිවෙනේ අධ්‍යක්ෂක හිමි

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙනේ පරිපාලන, අධ්‍යාපනික හා සංවර්ධන කටයුතු සඳහා නායකත්වය ලබාදෙන කෘත්‍යාධිකාරී හා අධ්‍යක්ෂක හිමි.

🏛️ පරිවේණාධිපති හිමි

පූජ්‍ය මාඑළියේ විජිත නා හිමි

පූජ්‍ය මාඑළියේ විජිත නා හිමි

පරිවේණාධිපති

පිරිවෙනේ සියලුම අධ්‍යයන, අනධ්‍යයන හා පරිපාලන කටයුතු සඳහා නායකත්වය ලබාදෙයි.

👨‍🏫 ගුරු මණ්ඩලය

කෑ/විද්‍යානිවාස මහ පිරිවෙනේ අධ්‍යයන හා පරිපාලන කටයුතු සඳහා සේවය කරන ගුරු මණ්ඩලය.

👨‍🏫

පූජ්‍ය පොතානේ ඤාණවිමල හිමි

නියෝජ්‍ය පරිවේණාධිපති

ඉතිහාසය | සෞඛ්‍ය විද්‍යාව

👨‍🏫

පූජ්‍ය වාහල්කඩ සුමනසිද්ධි හිමි

පරිවේණාචාර්ය

ත්‍රිපිටක ධර්මය

👨‍🏫

පූජ්‍ය කටුදොර ධම්මජෝති හිමි

පරිවේණාචාර්ය

පාලි | තොරතුරු තාක්ෂණය

පූජ්‍ය කොත්මලේ චන්දානන්ද හිමි

පූජ්‍ය කොත්මලේ චන්දානන්ද හිමි

පරිවේණාචාර්ය

සංස්කෘත | බුද්ධ ධර්මය

👨‍🏫

පි. විජයසිරි මහතා

පරිවේණාචාර්ය

සිංහල

👨‍🏫

එල්. තිබ්බුටුමුණුව මහතා

පරිවේණාචාර්ය

ගණිතය

👨‍🏫

කේ. බංඩාර මහතා

පරිවේණාචාර්ය

ඉංග්‍රීසි

📢 නවතම නිවේදන

පිරිවෙන් නිවේදන

නවතම නිවේදන, වැඩසටහන් සහ වැදගත් දැනුම්දීම් මෙහි පළ කරනු ලැබේ.

📄 බාගත කිරීම්

පිරිවෙනට අදාළ PDF ලේඛන, අයදුම්පත් සහ අනෙකුත් ලේඛන.

නිවේදන

නිල නිවේදන පසුව මෙහි බාගත කළ හැක.

ඉක්මනින්

අයදුම්පත්

අවශ්‍ය අයදුම්පත් පසුව එකතු කරමු.

ඉක්මනින්

අධ්‍යාපනික ලේඛන

අධ්‍යාපනික PDF ලේඛන පසුව එක් කෙරේ.

ඉක්මනින්

📞 සම්බන්ධ වන්න